PosonVandana — Your trusted pilgrim companion PosonVandana — ඔබගේ විශ්වාසවන්ත වන්දනා මිතුරා
This application is totally developed by the Centre for Defence Research and Development (CDRD), which is the prime Research and Development entity of the Ministry of Defence. All rights reserved in regard of this software application. මෙම යෙදුම ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛ පර්යේෂණ හා සංවර්ධන ආයතනය වන ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර මෙම මෘදුකාංග යෙදුම සම්බන්ධයෙන් සියලුම හිමිකම් ඇවිරිණි.
The aim of this application is to minimize traffic congestion in the Anuradhapura sacred city by providing details of the available car parks during the Poson festival, and to provide important details to the pilgrims during the season as much as possible. This application has been presented in a more user-friendly manner with the use of technology, and all details have been taken from the relevant organizers and institutions. පොසොන් උත්සවය අතරතුර ඇති රථවාහන නැවැත්වීමේ ස්ථාන පිළිබඳ විස්තර ලබා දීමෙන් අනුරාධපුර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ උත්සව සමය තුළ වන්දනාකරුවන්ට හැකිතාක් වැදගත් තොරතුරු ලබා දීම මෙම යෙදුමේ අරමුණයි. මෙම යෙදුම තාක්ෂණය භාවිතයෙන් වඩාත් පරිශීලක-හිතකාමී ආකාරයකින් ඉදිරිපත් කර ඇති අතර අදාළ සංවිධායකයින්ගෙන් සහ ආයතනවලින් සියලු විස්තර ලබාගෙන ඇත.
The traffic details of the car parks are updated by the Police during the Poson festival season. පොසොන් උත්සව සමයේදී අනුරාධපුර පොලිසිය විසින් නගරයේ රථවාහන නැවැත්වීමේ ස්ථානවල රථවාහන විස්තර යාවත්කාලීන කරනු ලැබේ.
The allocation of lifesaving personnel in the lakes and inland water bodies is done during the festival season, and their operating times may vary. වැව් සහ අභ්‍යන්තර ජල මූලාශ්‍රවල ජීවිතාරක්ෂක නිලධාරීන් වෙන් කිරීම උත්සව සමයේදී සිදු කරනු ලබන අතර ඒවායේ මෙහෙයුම් වේලාවන් වෙනස් විය හැකිය.
The establishments of temporary public toilets, drinking water points, Dansal, etc., are done by the relevant authorities/organizers. Days and times of opening and operating may vary accordingly. තාවකාලික පොදු වැසිකිළි, පානීය ජල ස්ථාන, දන්සල් ආදිය ස්ථාපිත කිරීම අදාළ බලධාරීන්/ සංවිධායකවරුන් විසින් සිදු කරනු ලබන අතර විවෘත කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ දින සහ වේලාවන් ඒ අනුව වෙනස් විය හැකිය.
PosonVandana respects your privacy. This application does not collect, store, or share any personal information from its users. No registration, login, or personal data is required to use the app. Location data is used only to display nearby facilities on the map and is never stored or transmitted to external servers. PosonVandana ඔබගේ රහස්‍යතාවයට ගරු කරයි. මෙම යෙදුම එහි පරිශීලකයින්ගෙන් කිසිදු පුද්ගලික තොරතුරක් එකතු කිරීම, ගබඩා කිරීම හෝ බෙදාගැනීම සිදු නොකරයි. යෙදුම භාවිතා කිරීමට ලියාපදිංචිය, පුරනය වීම හෝ පුද්ගලික දත්ත අවශ්‍ය නොවේ. සිතියමේ ආසන්න පහසුකම් පෙන්වීමට පමණක් ස්ථාන දත්ත භාවිතා වන අතර එය කිසි විටෙක ගබඩා නොවේ.
The information provided in this application is for general informational purposes only. While the Centre for Defence Research and Development (CDRD) and the Ministry of Defence strive to keep the information up-to-date and accurate, we make no representations or warranties of any kind, express or implied, about the completeness, accuracy, reliability, suitability, or availability of the information, products, services, or related graphics contained in the application for any purpose. Any reliance you place on such information is strictly at your own risk. මෙම යෙදුමේ සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු දැනුම්දීමේ අරමුණු සඳහා පමණි. ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය තොරතුරු යාවත්කාලීන සහ නිවැරදිව තබා ගැනීමට උත්සාහ කළද, යෙදුමේ අඩංගු තොරතුරු, නිෂ්පාදන, සේවාවන් හෝ අදාළ ග්‍රාෆික්ස් වල සම්පූර්ණත්වය, නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය, යෝග්‍යතාවය හෝ ලබා ගැනීමේ හැකියාව පිළිබඳව කිසිදු නිරූපණයක් හෝ වගකීමක් අපි නොකරමු. එවැනි තොරතුරු මත ඔබ තබන ඕනෑම විශ්වාසයක් ඔබගේම අවදානමක් මත සිදු කෙරේ.
If you have any questions about this Privacy Policy or the application, please contact: මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය හෝ යෙදුම පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර අමතන්න:
Centre for Defence Research & Development (CDRD)
Ministry of Defence, Sri Lankaආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
Email:විද්‍යුත් තැපෑල: info@cdrd.lk (official contact)(නිල සම්බන්ධතාව)
We may update this Privacy Policy from time to time. Any changes will be posted on this page with an updated revision date. We encourage users to periodically review this page for the latest information. අපි මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය කලින් කලට යාවත්කාලීන කළ හැකිය. ඕනෑම වෙනසක් යාවත්කාලීන සංශෝධන දිනයක් සමඟ මෙම පිටුවේ පළ කරනු ඇත. නවතම තොරතුරු සඳහා මෙම පිටුව වරින් වර සමාලෝචනය කරන ලෙස අපි පරිශීලකයින් දිරිමත් කරමු.